මැතිසබේ තඹදොර හදන්න හමුදාව




(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම් දොර ( තඹදොර) අබලන්වීම  හේතුවෙන් එය හමුදාව යොදවා පිළිසකර කරගෙන යන  බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.

විශේෂ උත්සව  අවස්ථාවන්හිදී  ජනාධිපතිවරයා හෝ වෙනත්  රාජ්‍ය නායකයන් පාර්ලිමේන්තුවට  ඇතුළු වන්නේ මෙම තඹ දොරෙනි.

තඹ දොර  උඩ පහළ කිරීමට යොදා ගන්නා  “බෙයාරින්”  කොටස්  ක්‍රියාත්මක නොවන ආකාරයට ගෙවී ගොස් ඇතැයි වාර්තාවේ. තඹ දොර අලුත්වැඩියාව සඳහා අවශ්‍ය උපකරණ පාර්ලිමේන්තුවෙන්  සැපයෙන අතර  යුද හමුදාව එය  පිළිසකර  ශ්‍රමදායකත්වය  සපයයි.

මේ අතර පාර්ලිමේන්තුවේ  අම්බලන්ව පවතින තවත්  බඩුමුට්ටු රැසක් පිළිසකර කිරීමට මේ දිනවල කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.