(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදු වී ඇතැයි පැවසෙන හිංසන සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පැවැත්වීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තීරණය කර ඇත.
එසේම එම සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාවේද අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනය පැවැත්වීමට පත් කෙරෙන විමර්ශන නිලධාරියා හෝ නිලධාරිනිය කවුදැයි කතානායකවරයා විසින් ඉදිරියේදී තීරණය කෙරුණු ඇතැයි දැනගන්නට ඇත.
මෙම කාන්තා හිංසන සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශන කමිටු දෙකක් මීට ඉහත පත්කෙරුණු නමුත් වින්දිත නිලධාරිනිය ඒවාට පත් කරන ලද නිලධාරින් සම්බන්ධයෙන් විරෝධතා මතු කරමින් එම කමිටු දෙකම තරයෙ ප්‍රතික්ෂේප කර තිබිණ.
බාහිර විමර්ශනයේදී යම් හිංසනයක් සිදුවී ඇති බව සනාථ වුවහොත් අදාල නිලධාරීන්ට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව කතානායකවරයා දැනටමත් ප්‍රකාශ කර ඇතැයිද වාර්තාවේ.