මිතුරාගේ උදලු පහරින් මිතුරා මරුට


( බී.ජී. චතුරංග )

අනුරාධපුර, විජේපුර ප්‍රදේශයේ පෞද්ගලික ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අසල  නිවසක් තුළ අද (12)  උදැල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනයට ලක් කර ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කටුනේරිය ප්‍රදේශයේ පදිංචි සුජාන් දිසානායක නමැති 42 හැවිරිදි පුද්ගලයෙකි.

කුලී පදනම මත ගත් නිවසක් තුල රැඳී සිටි පුද්ගලයෙකු හා යහළුවන් දෙදෙනෙකු ඊයේ( 110  රාත්‍රියේ එම නිවසේ සාදයක් පවත්වා ඇති අතර එහිදී යහළුවන් දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් එක් යහළුවෙකු විසින් උදැල්ලකින් සිදු කළ පහර දීමකින් ඔහු  ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.  

පහර දීමට සම්බන්ධ 28 හැවිරිදි පුද්ගලයෙකු  අත්අඩංගුවට ගත් බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.