ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ මෘතදේහ වලින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සිදුවෙයි.
මේ වනවිට ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක මේ අයුරින් මෘතදේහවලින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සිදුවන අතර, එම ප්‍රාන්ත අතරට අලුතින්ම එක් වුණු ප්‍රාන්තය වන්නේ නිව්යෝක්ය.
මෘතදේහ ආදාහනය හෝ භූමදානය හෝ කරනවාට වඩා, කොම්පෝස්ට් පොහොර සැකසීමට යොදා ගැනීම පරිසරහිතකාමී බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පැහැදිලි කර ඇත.
ඊට අමතරව, ආදාහනය හෝ භූමදානය හෝ කරනවාට වඩා එය ලාභදායී බව ද පැවැසෙයි. මෙහිදී සිදුවන්නේ මෘතදේහ විශේෂ පස් පිරවූ කන්ටේනරයක දිරාපත් වීමට සැලැස්වීමය.
මෘතදේහ යොදා ගනිමින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සඳහා පළමුවෙන්ම අනුමැතිය දුන්නේ ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තය යැයි ද මාධ්‍ය වාර්තා පවසා තිබේ.
ආදාහනය හෝ භූමදානය නොකර කොම්පෝස්ට් පොහොර නිපදවීමට අනුමැතිය දුන් නිව්යෝක් ආණ්ඩුකාරවරිය කැතී හෝචුල් ඩිමොක්‍රටික් පාක්ෂිකාවකි.
(රොයිටර්)