
(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් සමාගම ප්‍රසම්පාදනය කළ එල්.පී.ජී. ගෑස් නැව් තුනක් මෙම මස තුළ ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව ලාෆ් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නැව් තුන හම්බන්තොට සහ කොළඹ යන වරායන්ට ළඟාවීමට නියමිත බව ද එම නිවේදනයෙන් පවසයි.
පළමු ගෑස් නැව මෙම මස 12 වැනිදා සහ 14 වැනිදා යන කාලය තුළ හම්බන්තොට වරායට ද, දෙවැනි ගෑස් නැව මෙම මස 15 වැනිදා සහ 17 වැනිදා යන කාලය තුළ කොළඹ වරායට ද, තෙවැනි නැව මෙම මස 24 වැනිදා සිට 28 වැනිදා යන කාලය තුළ හම්බන්තොට වරායට ද ළඟා වීමට නියමිත බව ද එම සමාගම සඳහන් කරයි.
අදාළ ගෑස් තොග ලැබීමෙන් පසු නිෂ්කාශනය කර බෙදාහැරීම ක්‍රමානුකූලව ආරම්භ කරන බවත් වසර 25 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ගෑස් වෙළඳපොළට සේවය සපයන දේශීය ආයතනයක් ලෙස ලාෆ් ගෑස් සමාගම සැපයුම යථා තත්වයට පත්කිරීමටත් දිගුකාලීන සැපයුම පිළිබඳ විශ්වාසනිත්වය ශක්තිමත් කිරීමටත් එම සමාගම කැපවී සිටින බවත් එම නිවේදනයේ සඳහන්වේ.
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්වයය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ප්‍රවාහනයට ඇතිවී තිබෙන බාධක හේතුවෙන් ජාත්‍යන්තර ගෑස් සැපයුම් ජාලයට බලපෑම් එල්ල වී ඇති බවත් ශ්‍රී ලංකාව ඇතුළු ගෑස් ආනයනය කරන රටවල් රැසකට ගෑස් ප්‍රසම්පාදනය සහ නැව් ගතකිරීම සම්බන්ධයෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදු වී ඇති බවත් එම නිවේදනයෙන් ලාෆ් ගෑස් සමාගම ප්‍රකාශ කරයි.
හම්බන්තොට ළඟාවන ගෑස් තොග දේශීය වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගත යුතු බව කියන ලාෆ් ගෑස් සමාගම හම්බන්තොට පර්යන්තය දේශීය ගෑස් සැපයුම සඳහා භාවිතා කිරීමට මාස තුනක තාවකාලික අවසරයක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇති අතර ඒ සඳහා කටයුතු කරමින් සිටින බව ද වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd