මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 6000 පනී


 

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද(28) රාත්‍රී 7.00 වනවිට ආසාදිතයන් 414දෙනෙකු එක් වී තිබේ.

මේ දක්වා එම පොකුරෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 5731කි. අද දිනයේදී හඳුනාගත් පිරිස සමඟ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 6145ක් බවට පත්ව ඇත.

අද හඳුනාගත් පිරිස අතර 62දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින්ද, සෙසු 352දෙනා පෑලියගොඩ මාළු වෙළඳසැලෙන් හඳුනාගත් අයගේ ආශ්‍රිතයන් බවද හඳුනාගෙත තිබේ.