මියන්මාර හමුදා රජය එරට නිදහස් දිනය නිමිත්තෙන්, විදේශිකයන් 114 දෙනකු ඇතුළු සිරකරුවන් 9,652 දෙනකු, පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට තීරණය කර තිබේ.
මියන්මාර හමුදා රජය (ජුන්ටාව) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ,සෙසු රටවල් සමඟ සබඳතා පවත්වාගෙන යෑමේ අරමුණින් සහ මානුෂීය හේතූන් සැකිල්ලට ගනිමින්, විදේශීය සිරකරුවන් 114 දෙනාට සමාව දීමට තීරණය කළ බවය. නිදහස ලබන එම පිරිස මියන්මාරයෙන් පිටුවහල් කෙරෙනු ඇතැයි ද පැවැසෙයි.
රටේ බලය අල්ලා ගත් අවස්ථාවේදී, මියන්මාර හමුදා රජය අත්අඩංගුවට ගත් පිරිස අතරේ, එරට ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ද සිටී. නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබ සිටින සූ කීට මැතිවරණ වංචා සහ දූෂණ චෝදනා හේතුවෙන් වසර 27ක සිර දඬුවමක් හිමි වී ඇත. එල්ල වන සියලු චෝදනා සූ කී ප්‍රතික්ෂේප කර තිබේ. හමුදා රජය පවසන්නේ, ඇයට එරෙහිව තීන්දුවක් ලබා දීම සිදුවූයේ ස්වාධීන අධිකරණයක් යටතේ බවය.
(ඒ.එෆ්.පී.)