(අංජුල මහික වීරරත්න)
හමුදාවේ වෛද්‍ය බළකායේ වෛද්‍යවරුන් අතුළු කණ්ඩායමක් මියන්මාරයේ සහන කටයුතු සඳහා වහාම යවන්නැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දාලා සහන සහන කණ්ඩායමට අවශ්‍ය උපකරණ ලබාදී මියන්මාරයේ තාවකාලික රෝහලක් පිහිටුවීමට කටයුතු කළ යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
මියන්මාරයේ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
මියන්මාරයේ සිදු වූ භූමිකම්පාව සම්බන්ධයෙන් ලංකා රජය කනගාටුව පළ කර තිබෙනවා.
මියන්මාරය ලංකාව සමග කිට්ටු සම්බන්ධයක් තිබෙන රටක්.ථෙරවාදී බුදු දහම සමඟ වන සමීප සම්බන්ධය අපට සහ මියන්මාරයට අන්‍යෝන්‍ය වශයෙන් තිබෙනවා.
අමරපුර සහ රාමඤ්ඤ නිකායන් දෙකේම සම්බන්ධය තිබෙන්නේ මියන්මාරයටයි.
ථෙරවාදී බෞද්ධයන් සමඟ ළඟම සම්බන්ධය තිබෙන රටේ මෙවැනි විපතක් ඇති වූ විට අප තවදුරටත් ඔවුන්ට සහාය දිය යුතු බව මා යෝජනා කරනවා.