(යොහාන් භාසුර)
භූමිකම්පාවෙන් පීඩාවට පත් මියන්මාර ජනතාවට මානුෂික ආධාර සහ මුදාගැනීමේ කණ්ඩායම් වාහාම යැවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
මියන්මාරයට මානුෂික ආධාර සහ මුදාගැනීමේ කණ්ඩායම් යැවීම සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී අද (31) පැවැති විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹ තිබේ.
මියන්මාරය මුහුණ දී සිටින තත්වය පිළිබඳව සැළකිල්ල දක්වමින් ක්‍ෂණික මානුෂික ආධාර සැපයීම සඳහා සම්බන්ධිකරණ වැඩපිළිවෙළක් සකස්කිරීමට සහ කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායමක් පිටත්කර හැරීමට ශ්‍රී ලංකා රජය දැඩි අවදානය යොමුකර තිබේ.