"සොබාදම් බළකායේ කොටස්කරුවෙකු වන බවට මම අද දිනයේ ප්‍රතිඥා දෙමි. මම මාගේ පවුලට, මිතුරන්ට මෙන් මාතෘභූමියේ ඇති සියලුම ගහකොළට ආදරය කරමි, රැකබලා ගනිමි, ගෞරව කරමි. ආරක්ෂා කිරීමට පොරොන්දු වෙමි. මා සොබාදම් බළකායේ විරුවෙකු වීම ගැන ආඩම්බර වන අතර, මම මාගේ සම්පූර්ණ ජීවිත කාලය තුළම මේ ප්‍රතිඥාව රැකීමට දිවුරා පොරොන්දු වෙමි."
ඉහත පරිසර ප්‍රතිඥාව ලබාදෙමින් ඇරඹි 'මනුසත් දෙරණ' ප්‍රජා සත්කාරක සේවාව විසින් සංවිධානය කරනු ලැබූ පැළ ලක්ෂ 10ක් සිටුවීමේ වැඩසටහන සඳහා 2015 මිහිකත රූ රැජින තරගයේ තෙවන ස්ථානයට පත් අමෙරිකානු ජාතික බ්‍රිට්නි පෙයෙන් ද, ඇංජලියා ඔන්ග් සමග මෙම වැඩසටහනෙහි සමාරම්භක උලෙළට එක්වූ අතර, මනුසත් දෙරණ රුක් රෝපණ වැඩසටහන පසුගිය දා දෙහිවල නැදිමාල ශ්‍රී මහා විහාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති ශ්‍රීනාත් ගුණරත්න, කලාපීය කමිටු සාමාජික නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, දෙරණ ටීවී සභාපති දිලිත් ජයවීර, නාළිකා ප්‍රධානී ලක්සිරි වික්‍රමගේ, අධ්‍යක්ෂිකා ශර්මිලා ධර්මරාසා, මනුසත් දෙරණ ව්‍යාපෘති සභාපති මහේෂ් ජයවර්ධන සහභාගි වූහ. කොළඹ ආනන්ද විද්‍යාලය, 38වැනි කොළඹ, කිරිබත්ගොඩ විහාරමාහා දේවි බාලිකා විද්‍යාලය, කුරුණෑගල වුඩ්ලන්ඩ් මානවක සමාජය, වත්තල ජා-ඇල දිසාවේ බාලදක්ෂයන් සියයකට ආසන්න පිරිසක්ද මෙම අවස්තාවට සහභාගි වූහ. පැළයක් සිටුවා එය රැක බලා ගැනීමෙන් මනුසත් දෙරණ ක්‍රියාන්විතයට ඔබටත් දායකවිය හැක.
මෙම ව්‍යාපෘතියේ සොබාදහම හැඩකළ මුද්‍රිත මාධ්‍ය ලෙස විජය බාලදක්ෂ කඳවුර සමගින් 'Scouting' සඟරාව අත්වැල් බැඳගන්නා ලදී.
ඡායාරූප සහ සටහන - චමින්ද වාරියප්පෙරුම