මීපුර මාධ්‍යවේදියාට පහරදුන්නැයි දෙදෙනෙක් රිමාන්ඩ්


මීපුර පුවත්පතේ හා මී පුර වෙබ් අඩවියේ කර්තෘ ෆර්ඩි ගමගේ ට පහර දීම සම්බන්ධයෙන් සැකකුරුවන් දෙදෙනා අද (04) මීගමු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු ලබන 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව වැඩබලන නිල නොවන  මහේස්ත්‍රාත් කරුණාජීව ගමගේ ගුණදාස මහතා විසින් නියෝග කළේය

සැකකරුවන් දෙදෙනා මීගමු මහනගර සභාවේ සෙවය කරන මීගමුව බෝලවලාන ජනජයගම පදිංචි කරුවන් දෙදෙනෙකි.

සැකකරුවන් සමඟ ඔවුන් ගමන් කළැයි කියන යතුරුපැදිය හා පහර දීහට යොදාගත්තැයි තියන පොල්ලක් නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

20160604_104507 20160604_104451 20160604_105112 20160604_135441 20160604_135639