මුදල් තත්වේ කියන්න මහ බැංකු ලොක්කා මැතිසබයේ


(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රටේ ආර්ථික තත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්  අද (4)දැනුවත් කළේය

මෙරට උද්ධමනය සියයට 5 ක අගයක් දක්වා පහතට ගෙන ඒමට හැකිවූ බව මහ බැංකු  අධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

ප්‍රතිපත්ති පොලී  අනූපාතයද  පහතට ගෙන ඒමට හැකි වූ බව පැවසූ වීරසිංහ මහතා විනිමය අනුපාතය ස්ථාවර කරමින් රුපියල ශක්තිමත් කිරීමට හැකි වූ බවද සඳහන් කළේය.

රටේ මූල්‍ය පද්ධතිය ස්ථාවර කිරීමට අදාළ කරුණුද මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

විශේෂයෙන් ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද මෙරට බැංකු පද්ධතිය කඩා වැටීම වළක්වා ගැනීමට හැකිවීම සුවිශේෂ කරුණක් බව පෙන්වා දුන් නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු පනත මෙන්ම බැංකු පද්ධතිය නියාමනය වෙනුවෙන් හඳුන්වා දුන් නව නීති  ඒ සඳහා ඉවහල් වූ බවද ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නවලටද  මහ බැංකු අධිපතිවරයා එහිදී පිළිතුරු දුන්නේය.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ හා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයන් නියෝජ්‍ය අධිපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන්  මෙන්ම පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණධීර  මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.