ටොන් තුනක මාළු තොගයක් වසර අටක් තිස්සේ ධීවර සංස්ථා ශීතාගාරයේ තිබී අද (12) සොයාගත් බව ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.
මේ ගැන පරීක්ෂණ අරඹන ලෙස ඇමැති එස්.බාලසුබ්රමනියම් ධීවර සංස්ථා වැඩ බලන සභාපතිට අද උපදෙස් දුන්නේය.
පාඩුවට පවත්වාගෙන යන එම සංස්ථාව වැටුප් හා ණය ගෙවීම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 6500ක් ද නිකුත් කර ඇතැයි කියති.