(ගයාන් සුරියආරච්චි)
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ගයාන් වික්‍රමසූරිය මහතා පැවැසීය.
නාවික හමුදාව භාරයට ගත් එම බහුදින යාත්‍රාව තුළ මත්ද්‍රව්‍ය කිලෝ 40 ක් පමණ පවතින බවට ඔවුහු සැක පළ කරති.
ලංකාවට බටහිර දෙසින් පැමිණි තවත් යාත්‍රාවක් මගින් මෙරටට රැගෙන ඒම සදහා මෙම සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ලබාදෙන්නට ඇති බවට නාවික හමුදාව සැකපළ කරයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් ගාල්ල වරායට රැගෙන ඒමට කටයුතු කරන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ගොඩබිමට රැගෙන විත් වැඩිදුර විමර්ශන සදහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදීමට නියමිතව තිබුණි.