මූන්ගෙන් රජයට සහතිකයක්


යුද අපරාධ සිදුවී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජිනීවා යෝජනා ප්‍රකාරව ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ග පසසමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් යාපන පුස්තකාලයේ දී විපක්ෂ නායක ආර් සම්බන්ධන්, උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ හා උතුරේ මහ ඇමති සී විග්නේශ්වරන් සමග අද (02) පැවසීය.

 “ආණ්ඩුව හොඳට වැඩ කරන බව පේනවා. යුක්තිය හා වග වීම ශ්‍රී ලංකා රජයෙන් අප බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු ඉටු කරන ලෙස අපි රජයට කියනවා.“ යැයි ද ඔහු කීවේය.

විපක්ෂ නායක හා උතුරේ මහ ඇමැති අතර පැවති සාකච්ඡා ගැන ඒ දෙදෙනා මාධ්‍යට කිසිවක් කීවේ නැත.

පලාලි ගුවන් තොට අසල අලුතින් පදිංචි කළ දෙමළ ජනාවාසයකට ගිය මහ ලේකම් එහි වැසියන්ගේ ප්‍රශ්න ගැන සොයා බැලීය.

ඔහු අද සවස යාපනයෙන් කොළඹ බලා පිටත්වීමට නියමිතය.

NorthOfficials NorthOfficials2