එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් (72) ශ්රී ලංකා සංචාරයේ දී ඓතිහාසික ගාලු කොටුවේ දී ඔහුගේ හා බිරිය යූ සූන් ටීක් ගේ සෙල්ෆි ඡායාරූපයක් ගත්තේය. එය ඔහුගේ ජංගම දුරකතනයෙන් නොවේ. ඔහු සමඟ සංචාරයට ආ එක්සත් ජාතීන්ගේ සේවකයෙකුගේ කැමරාවෙනි. ඔහු ශ්රී ලාංකිකයෙකි ෆාදීල් බාකීර් මාකර්ගේ කැමරාවෙනි. ෆාදීත් හිටපු ඇමති ඉම්තියාස් බාකීර් මාකර්ගේ පුත්රයෙකි.
මූන් ලොව තිස් දෙවැනි බලවත්ම පුද්ගලයා බව ෆෝබ්ස් සඟරාව කියයි. ඔහු දකුණු කොරියාවේ තෙවැනි බලවත්ම පුද්ගලයාය.
මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා මූන් මහ ලේකම් පදවියෙන් සමුගනී. ඔහු ඉන් පසු දකුණු කොරියවේ ජනපති තරගයට ඉදිරිපත් වෙතී දැනගන්නට ඇත.
මෑතකදී ශ්රී ලංකාවේ සංචාරයක් කළ යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂක ජනරාල් එරීනා බුකෝවා, නවසීලන්ත අගමැති හෙලන් ක්ලාක්, පෘතුගාල අගමැති ඇතුළු කාන්තාවන් සිව් දෙනෙක් හා පිරිමි පස් දෙනෙක් ජගත් මහලේකම් තනතුරට තරග වදිති.
තරගකරුවන් වැඩි දෙනා නැගෙනහිර යුරෝපය,බටහිර යුරෝපය හා ලතින් ඇමරිකා නියෝජනය කරති. ආසියාවෙන් කිවසිවෙකු තරගබිමට ඉදිරිපත් වී නැත.
නිල නොවන මහජන මත වලින් දැනට පෙරමුණේ සිටින්නේ නෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂක ජනරාල් එරීනා බුකෝවා ය.