(ගයාන් සූරියආරච්චි)
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටි සමයේ ජනාධිපති අරමුදලේ මුදල් අයථා ලෙස භාවිත කළ දේශපාලනඥයන් සහ පුද්ගලයන් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවලට අනුව ප්‍රකාශයක් ලබාගැනීම සදහා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (7) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවනු ලැබීය.
හිටපු ජනපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙරවරු 9.00 ට පෙනී සිටින ලෙස දැන්වුවද ඔහු පැමිණෙන විට දහවල් 12.00 පසුවී තිබූ බව පොලිසිය පවසයි.