ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (16) නේපාලයේ ලුම්බිණි නුවර සංචාරයක නියැළීමට සූදානම් වෙයි. ඒ, නේපාල අග්‍රාමාත්‍ය ෂෙර් බහදූර් දෙයුබාගේ විශේෂ ආරාධනාවක් පිළිගනිමිනි.
වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන, බුද්ධ පූර්ණිමා එසේත් නැතිනම් බුද්ධ ජයන්තතියට සමගාමීව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙම ලුම්බිණි සංචාරය සිදුවනු ඇතැයි ඉන්දීය රජය පවසයි.
2014 වසරේ දී පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු, මෝදි නේපාලයේ සංචාරයකට යන පස්වැනි අවස්ථාව මෙයයි.
කෙසේ නමුත්, මීට පෙර ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු කිසිදු අවස්ථාවක සිදුහත් කුමරුන් උපත ලැබූ ලුම්බිණියේ සංචාරයක කර නැත. ඒ අනුව ලුම්බිණියේ සංචාරයකට සහභාගී වන පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ මෝදිය.
(ඒ.එෆ්.පී.)