ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ බෲනායි සුල්තාන් හසනාල් බොල්කියා අතරේ හමුවක් පැවැත්විණි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, දෙදින නිල සංචාරයක් සඳහා බෲනායි බලා පැමිණියේ ඊයේ (3) ය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු බෲනායි රාජ්‍යයට පැමිණි පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. බෲනායි යනු අග්නිදිග ආසියාවේ පිහිටා ඇති කුඩා මුස්ලිම් රාජ්‍යයකි.
බෲනායි සුල්තාන් සහ මෝදි අතර හමුව පැවැත්වූයේ බණ්ඩාර් සේරි බෙගාවාන් අගනුවර, ‘ඉස්තානා නුරුල් ඉමාන්’ රජ මාලිගයේදීය. සුල්තාන්වරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.
(ඒ.එෆ්.පී.)