ඉතා කඩිනමින් යාපනයේ ඇති දූපත් සඳහා ආරක්ෂාකාරි බෝට්ටු සේවයක් අරඹන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවැසුයේ වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ වෙළඳ හා නාවික ලේකම් කාර්යාලය මගින් ප්‍රධාන දුපත් 5 ක් සඳහා නව ආරක්ෂක ක්‍රමවේදයක් මත ඇරඹීමට යන බෝට්ටු පරික්ෂා කිරිමේ ස්ථානයක් හා කයිට්ස් සුරැවිල් ප්‍රාදේශිය ලේඛම් කාර්යාලයේ ඇරඹූ නව තත්ව සහතික පත් නිකුත් කිරීමේ කාර්යාලයක් අද (02) කයිට්ස් හිදි විවෘත කිරීමේ උත්සවයේදීය.
මීට පෙර කයිට්ස් සිට පුංකුඩුතිවු, නාගදීපය, නලතිවු, එලුවතිවු, ඩෙල්ෆ් යන දූපත් සඳහා ආරක්ෂාකාරි බෝට්ටු සේවාවක් නොමැති වූ බවද ඇමැතිවරයා කීය.
සියලු පළාත් එකසේ සංවර්ධනය කරන බවත් සියලු ඡනතාව පසුගිය රජය විසින් ගත් ණය බරින් පෙළෙන බවත් වර්තමාන රජය සියලු බාධක හමුවේ සියලුම පළාත් දියුණු කිරිමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදි පැවැසිය.