(රවින්ද්‍ර විරාජ් අබයසිරි සහ මහේෂ් කීර්ති රත්න)
මහනුවර පල්ලේකැලේ දී පසුගිය 2024 වසරේ පැවැති ලෙජනඩ් ට්‍රොෆි ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට යෝජනා කළ කණ්ඩායමක හිමිකරුවකු වන යෝගී පටෙල් නමැත්තාට රුපියල් මිලියන 85ක දඩ මුදලක් හා වසර හතරක ලිහිල් සිර දඬුවමක් ලබාදීමට මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා අද නියෝග කළේය.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතාට රුපියල් ලක්ෂ විස්සක වන්දි මුදලක් ලබාදීමට මාතලේ මහාධිකරණ විනිසුරුවරයා වැඩි දුරටත් නියෝග කළේය.