යෝෂිතගේ මිත්තනියගෙන් පැය දෙකක් ප්‍රශ්න කරයි


දෙහිවල මිහිඳු මාවතේ ඉඩම සහ සුවිසල් නිවස සම්බන්ධයෙන් හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තනිය ඩේසි ෆොරස්ට්ගෙන් (84) මූල්‍ය අපරාධ කොට්ඨාසය අද පැය දෙකකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.

අයථා වත්කම් ඉපයූබව කියමින් ලද පැමිණිල්ලක් මත පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණයේදී දෙහිවල නිවසක් හා ඉඩමක් ගැන තොරතුරු ලැබුණු බවත්, එම ඉඩම සහ නිවස සිය මිත්තනිය ලබා දුන් බව රාජපක්ෂ මහතා පැවසූ බවත් පොලිසිය කියයි.