රට බංකොළොත් වුනේ විපක්ෂයේ අදහස් නිසා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රට බංකලොත් වුනේ විපක්ෂයේ අයගේ අදහස් නිසා බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයවැය ඉදිරිපත් කළා වගේම ක්‍රියාත්මක කිරීම සම්බන්ධවත් ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

මේ අයවැයේ ආදායම් වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් අප මූලික අවධානය අකමු කරනවා. අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ රටේ අනාගතයට ගෙනයන්නේ කොහොමද? යන කාරණය පිළිබඳ රට දැනුවත් කරන්නටයි.එමෙන්ම ආයතන ව්‍යුහය ඊට සූදානම් කිරීම සඳහායි.එසේ නැතිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියන විදියට රට බංකොලොත් කරන ගමනට දායක කරගන්න නොවේ යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.