(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය සමයේ සිදුවූ වංචා දූෂණ පැමිණිලි 15කට අදාලව විමර්ශනය කිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශයට තොරතුරු ලබාදුන් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඇතැම් දේශපාලඥයින් සිය ඥාතීන් කාර්යාංශයේ රඳවා තබමින් මුදල් වංචා කළ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ද කාර්යාංශයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.
පසුගිය රජය සමයේ අනීතික අයුරින් E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් කළද දකුණු කොරියා තානාපති කාර්යාලයේ දැනුම් දීම පරිදි එම රැකියා ලබාදීම නතර කළ බවත්, ඒ අනුව නිකුත් කරන ලද වීසා අවලංගු වන බවත් සභාපතිවරයා කීය.
දකුණු කොරියාවේ රැකියා ලබාදන බව පවසා මුදල් වංචා කිරීම සම්බන්ධව පැමිණිලි රාශියක් ලැබී ඇතැයි කී සභාපතිවරයා ඒ වෙනුවෙන් ඉදිරියේදී නීති ක්‍රියාමාර් ගන්නා බව සභාපතිවරයා සඳහන් කළේය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව පැවසීය.