රටවල් 18 කට අභියෝගයක් දෙන්න මට හැකිවුණා


2016-09-05-ent-54

නිරූපණ ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් සහිත නිරූපිකාවක ලෙස චමත්කා ලක්මිණි හැඳින්වූවාට වරදක් නැත. ඇය රටවල් 18කට අභියෝගයක් වෙමින් country crown සහ perfect ten යන කිරුළ ලබමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් චමත්කා ඇගේ ජයග්‍රහණය හා ඉදිරි කලා කටයුතු පිළිබඳව "සාරවිට" අපට පැවසුවේ මෙවැන්නකි.

 

චමත්කා කියන්නේ කොයි වගේ චරිතයක්ද?

2016-09-05-ent-83මම සාමාන්‍ය කෙනෙක්. ඒත් මං මගේ රැකියාව වෘත්තීමය වශයෙන් කරන කෙනෙක්.

 

කොහොම මේ ජාත්‍යන්තර තරගයක් සඳහා දායක වෙන්න අවස්ථාව ලැබුණේ?

මම කලින් පැජන්ට් එකක් කළා සයිප්‍රස් වල MISS TEEN GRAND SEA UNIVERSE කියලා. ඒකෙදී මට ඉන්දියානු අධ්‍යක්ෂක මිස් වැලන්ටීනා හම්බවුණා. ඒකෙදි මට යෝජනා කළා මේ සඳහා සහභාගී වෙන්න කියලා. ඉතිං අවශ්‍ය කටයුතු මෙහෙ අධ්‍යක්ෂක වන විශ්ව පෙරේරා සියල්ල සූදානම් කළා.

 

තරගය ගැන කතා කළොත්?

මුල ඉඳන්ම ලොකු තරගයක් තිබුණා. Top Model කෙනෙක්ගේ තියෙන හැමදේම බිංදුවේ ඉඳන් හැදුවා. දවස් 07ක් රටවල් 18ක් එක්ක තරග කළා. මටම හිතාගන්න බෑ මං මෙච්චර දියුණු වුණාද කියලා. අන්තිමේදී මම අනිත් රටවල් 18ට සඳහාම අභියෝගයක් වෙන විදිහට වැඩ කළා.

 

එහිදී ඔබට ජයග්‍රහණය කිරීමට පුළුවන් වුණේ කුමක් සඳහාද?

මට අංශ දෙකක් ජයග්‍රහණ කරන්න පුළුවන් වුණා. country crown සහ perfect ten කියන අංශ දෙකයි.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

මං මේ ෆීල්ඩ් එකේම දිගටම වැඩ කරන්නේ. ඒ වගේම මං නර්තනය කරනවා. ඉතිං බාරගත්ත ෂෝ තියෙනවා ඒවා කරන්න. වෙළෙඳ දැන්වීම කිහිපයක් තියෙනවා කරන්න. ෆීල්ඩ් එකත් එක්කම තමයි මගේ ජීවිතේ ගෙවෙන්නේ.

 

නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා නේද?

ඔව්, ඒක අලුත් අත්දැකීමක්.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

අනිවාර්යයෙන්ම. මගේ එදා ඉඳන් උදව් කරන යාළුවෝ පිරිසක් ඉන්නවා. හෂානි පෙරේරා ඉන් විශේෂයි. ඒත් එක්කම මගේ පැජන්ට් හැම එකටම උදව් කරන විශ්ව පෙරේරා අනිවාර්යයෙන්ම මතක් කළ යුතුයි. මට ෆීල්ඩ් එකට එන්න උදව් කරපු හැමෝටම මං ස්තූති කරනවා. ඉදිරියටත් මාත් එක්ක රැඳිලා ඉන්න කියලා මගේ යාළුවන්ගෙන් ඉල්ලනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - චමත්කාගේ ෆේස්බුක් ගිණුමෙන්

 

2016-09-05-ent-59
2016-09-05-ent-58
2016-09-05-ent-57
2016-09-05-ent-56
2016-09-05-ent-53
2016-09-05-ent-52
2016-09-05-ent-51
2016-09-05-ent-50
2016-09-05-ent-49
2016-09-05-ent-48
2016-09-05-ent-47