(අජිත්ලාල් ශාන්තඋදය, රත්නපුර අප්සරා යෝසිත් සහ රත්නපුර අධිකරණ ඒ.ජී. වික්‍රමසිංහ)
කඨින පිංකම් හේතුවෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් ස්ථානවල ස්ථාපිත කළ බව රත්නපුර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්න මහතා අද (12) දා රත්නපුරේ දි පැවසීය.
රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද විමසීමේ කටයුතු වල ප්‍රගතිය සහ සූදානම දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා මේබව පැවසීය.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ මෙම මාධ්‍ය හමුව දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී කරුණු දැක්වු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්න මහතා පැවසුවේ මෙවර මහ මැතිවරණය ඡන්ද ප්‍රදේශ (ආසන) අටක ඡන්ද මධ්‍යස්ථාන 700කදී පැවැත්වෙන බවයි.
කඨින පිංකම් හේතකුවෙන් ඉවත්කළ විහාරස්ථාන අටේ ඡන්ද මධ්‍යස්ථාන ආසන්නයේ පිහිටි ප්‍රජා ශාලා වැනි ස්ථිර ගොඩනැගිලිවලට ගත් බවයි.