රත්නපුරෙන් වසරකට ක්ෂය රෝගීන් 400යක්


(අජිත්ලාල් ශාන්තඋදය සහ  අප්සරා යෝසිත්)

රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍ෂයරෝගය වැළඳුන රෝගීන් හාරසියයක් 2024 වර්ෂයේ හඳුනාගත් අතර ඉන් 42 පමණ ජීවිතක්‍ෂයට පත්වු බව විශේෂඥ වෛද්‍ය සමන් කපිලවංශ මහතා පැවසුවේය.

ලෝක ක්‍ෂයරෝග දිනසැමරුම් උත්සවයට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

ලෝක ක්‍ෂය රෝග දිනය සෑම  වසරකම මාර්තු 24දිනට යෙදෙයි. රත්නපුර ළය රෝහලේ කාර්ය මණ්ඩලයේ මූලිකත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්විණි.

රත්නපුර දිස්ත්‍රික් මහ රෝහලේ සිට රත්නපුර බස් නැවතුම් පොළ, ඔරලෝසුකණුව අසල මැණික් පොළ හරහා කිලෝමීටර් තුනකට ආසන්න දුරක් පසුකරමින් දැනුවත් කිරීමේ පාගමනක් රත්නපුර නගර ශාලාව වෙත පැමිණියේය.

ක්‍ෂය රෝගය මර්ධනය කිරීමේ අවශ්‍යතාව, ක්‍ෂය රෝගයේ මුලික ලක්‍ෂණ ආදිය ඇතුළත්ව නොමිලේ ප්‍රතිකාර ගත හැකි ස්ථාන පිළිබඳව දැනුවත් කරන වගන්ති ඇතුළත් පෝස්ටර්, බැනර් එම පාගමනේ ප්‍රදර්ශයනය කරනු ලැබීය.

පැල්මඩුල්ල මිතරු මිතුරෝ ආයතනයේ විශෝධනය වන තරුණ පිරිස් වීදි නාට්‍යයක්ද තැනින් ගැන රඟදක්වමින් ක්‍ෂය රෝගය පිළිබඳවත්, එය වළක්වා ගත යුත්තේ ඇයි ද යන්න පිබිබඳවත් ජනතාව දැනුවත් කරනු ලැබීය.