ආසියා දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනයට සහභාගීවිම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද (01) අලුයම මලයාසියාවට පිටත්ව ගියේය.
ඔහු සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ලොහාන් රත්වත්ත ඇතුළු හය දෙනකුගෙන් යුත් කණ්ඩායමක් එහි ගිය බව ගුවන් තොටුපල ආරංචි පවසයි.
ඉන්දීය පදනම විසින් සංවිධානය කරන ඉන්දීය සාගර සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (1) සිංගප්පුරුව බලා පිටත්ව ගියේය.