රනිල්ගේ බොරු පොරොන්දුවක් හරිනි පෙන්වයි


(ආරියරත්න  රණබාහු)

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අදාළව කැබිනට් තීරණයක් ගත් බව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් ඊට අදාළ නියමිත ක්‍රමවේදය අනුගමනය කර  නැතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනේ අමරසූරිය මෙනවිය පැවසුවාය

මෙවර පාර්ලිමේන්තුමහ මැතිවරණයට ඉදිරිපත් වී සිටිනජාතික ජනබලවේගයේ අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජය තහවුරු කිරීම සඳහා  පාදුක්ක නගරයේ ඊයේ (27) පැවති ජන හමුවක් අමතමින් ඒ බව පැවසූ අගමැතිනියඑහිදී මෙසේද පැවසුවාය

රජයේ සේවකයින්ගෙ වැටුප් වර්ධනය කිරීමටරනිල් වික්‍රමසිංහ මහතා ගන්නා ලදැයි කියන කැබිනට් තීරණය අපි පරීක්ෂා කළා එහිදී අපට දැනගන්ට ලැබුණා ඒ සඳහා භාණ්ඩාගාරයෙන්වත් මුදල් අමාත්‍යාංශයවත් අනුමතයක් අරගෙන නොවෙයි ඒ තීරණය ප්‍රකාශ කරලා තියෙන්නේ.

ඒක මැතිවරණ කාලය තුළ ජනතාව නොමග යැවීමට බොරු පොරොන්දුවක් කියලා දැන් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.