(ගයාන් සූරියඅරච්චි)
සංගීත ප්‍රදර්ශනයක් නැරඹීමට පිරිසක් සමඟ පන්ගමුව මහජන ක්‍රීඩාංගණයට පැමිණ එහි රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ පිස්තෝලයක් සහ අත්විලංගු පෙන්වා තර්ජනය කළ බව කියන තිස්සමහාරාම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථාධිපතිගේ වැඩ තහනම් කළ බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙසේ වැඩ තහනමට ලක්කර ඇත්තේ තිස්සමහාරාම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති වශයෙන් රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකි.
තිස්සමහාරාම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා තවත් පිරිසක් සමග ඉකුත් (29) වැනි දින පන්ගමුව මහජන ක්‍රීඩාංගනයේ පැවැති සංගීත ප්‍රසංගයක් නැරඹීම සදහා ප්‍රභූ පිවිසුමේ දොරටුව වෙත පැමිණ එහි ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයතුට සහ එහි සිටි නිලධාරීන් සමග බහින්බස්වී පරුෂ වචනයෙන් වැදී ඇති බව පොලිසිය කියයි.