සුදුසුකම් ඇති පුද්ගලයකු සෞඛ්‍යය ඇමැති ලෙස පත්කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලයි.
ඇමැති දොස්තර රාජිත සේනාරත්න අමාත්‍යංශයේ කටයුතු වලට දේශපාලනමය වශයෙන් මැදිහත් වන බවත් එය දිනෙන් දින ඉහළ යමින් තිබෙන බවත් කියන සංගමය ඔහුගේ බිරියද ඇමැති නියෝජනය කරමින් අමාත්‍යංශ රැස්වීම් වලට එන බවත් කියති.
අද පැවැති පුවත්පත් සාකච්ඡාවකදී සංගමයේ ලේකම් දොස්තර නලින්ද හේරත් හා මාධ්‍ය ප්‍රකාශක දොස්තර නවීන් ද සොයිසා ඇමැති විවේචනයට ලක් කළහ.
ඇමැතිගේ සමීපතම ඥාතියකු ගංවතුර අනාථයනට අමාත්‍යංශයේ බෙහෙත් අමාත්‍යංශ වාහන වලින් බෙදා දෙන බව දොස්තර නවීන්ද සොයිසා චෝදනා කළේය.
මේ අතර වෛද්‍ය මාරුවීම් පිළිවෙත උල්ලංඝණය කර ඇතැයි පැවසූ සංගමය ලබන 31 වැනිදා වැඩ වැරුමකටද සැරසෙන බවද කීවේය.