(දයාරත්න ඇඹෝගම)
රියැලිටි ගායන තරඟයකින් පළමු ස්ථානය දිනු චමෝද් කවිශ්ක ප්‍රේමරත්න මහතාගේ කුරුන්දන්කුලමේ නිවස ඉදිරිපිට නවතා තිබු ඔහුගේ මෝටර් රථයට ගිනි තබා ඇති බව කවරක්කුලම පොලීසිය කියයි.
මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇතැයි ද කවරක්කුලම පොලිසිය කියයි.
මෝටර් රියට ඊයේ (18) අලුයම 1.30 ට පමණ කිසියම් පිරිසක් පෙට්‍රල් දමා ගිනි තබා ඇතැයි එම පැමිණිල්ලේ සඳහන්වේ.
නිවැසියන් හා ප්‍රදේශවාසින් එක්ව ගින්න නිවා දමා තිබේ.