රිලවුන් දූපතකට යවන්න කෝටියක් වෙන් කරයි


(මොහොමඩ් ආසික්)

කෘෂිකාර්මික වගාවට බරපතළ ලෙස හානි සිදු කරන රිළවුන් ආරක්ෂිතව අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 100 ක මුදලත් ලබා දීමට මධ්‍යම පළාත් සභාව ඉදිරිපත්ව සිටියි.

මෙරට ගොවිතැනට විශාල හානි සිදු කරන රිළා උවදුර මැඩීම සඳහා වත්මන් රජය විවිධ යෝජනා ඉදිරිපත් කළ අතර එහි එක් පියවරක් ලෙස වන සතුන් ගණනය කිරිමද පසුගියදා සිදු විය.

කෙසේ නමුත් රිළවුන්ගෙන් වගාවන්ට සිදු වන හානි වැළැක්වීම සඳහා රිළවුන් අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතියක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කෘෂිකර්ම පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාසයේ පැවැති දිස්ත්‍රික් සංවර්ධන සභා රැස්වීමේදී තීරණය කර තිබිණ.