රුවන් ඒකනායකට සාහිත්‍යසුරි සම්මාන උපාධිය පිරිනමයි


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

රුහුණ විශ්ව විද්‍යාලයේ 33 වැනි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය රවීන්ද්‍රනාත් තාගෝර් ශාලාවේ දී පැවති අතර එහිදී සිංහල සාහිත්‍යය වෙනුවෙන් සිදු කළ සේවාව අගයනු වස් හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහතාට “සාහිත්‍යසූරී” (සම්මාන) උපාධිය පිරි නමනු ලැබීය.

එම විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමියන් අතින් එම සම්මාන උපාධිය පිරිනැමීම නමන ලද අතර විශේෂඥ වෛද්‍යවරයකු වෛද්‍ය වෘත්තීයට අමතරව සිංහල සාහිත්‍යය වෙනුවෙන් ද කැප වී ක්‍රියා කිරීම එහිදී විශේෂ අවධානයක් දිනා ගෙන තිබුණි.

රුහුණ විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමියන් අතින් හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහතාට සාහිත්‍යය සූරී සම්මාන උපාධිය පිරිනැමීම නැමූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

මෙම උපාධි ප්‍රදානෝසවය ඉකුත් 18, 19 සහ 20 යන දිනයන්හි පැවැත්විණ.

එහිදී පශ්චාත් උපාධි 188 ක් ද, අභ්‍යන්තර උපාධි 3351 ක් ද, බාහිර උපාධි 90 ක් සහ සම්මාන උපාධි 1 ක් ද පිරිනැමීය.

මෙදින උපාධිධාරීන් 113 දෙනෙකු සදහා අධ්‍යයන ඉහළම කුසලතා මත පිරිනැමෙන රන් සම්මාන හිමි වනු ඇත.