රුසියන් නිලධාරීන්ට ජාත්‍යන්තර වරෙන්තු


ජාත්‍යන්තර අපරාධ අධිකරණය, රුසියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු සහ හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී වැලරි ජෙරසිමොව් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළේය.

ඒ, රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන වැසියන්ට එරෙහිව යුද අපරාධ කළ බවට සර්ජි ෂොයිගු සහ වැලරි ජෙරසිමොව් ට එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමිනි.

මේ වනවිට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගන්නැයි ද ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත. ඒ, පුටින්ගේ මෙහෙයවීමෙන් යුද්ධය සිදුවන බැවිනි.

(ඒ.එෆ්.පී.)