(අංජුල මහික වීරරත්න)
ගෝලීය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද පැවැත්විණි.
මෙරට ක්ෂය රෝගය සහ HIV-AIDS ප්‍රදාන ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ වත්මන් ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
ගෝලීය අරමුදලේ නියෝජිත පිරිසේ මෙරට සංචාරයේ ප්‍රධාන අරමුණ වනුයේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්ෂය රෝගය සහ HIV /AIDS රෝගී තත්ත්වයන්ට අදාළව ප්‍රදාන ක්‍රියාත්මක කිරීම සහ ඒ හා සම්බන්ධ ප්‍රගතීන් පිළිබඳව විමසා බැලීම වේ.
ඒඩ්ස් රෝගය, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීමට සහ සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමට සම්පත් ආකර්ෂණය කර ගැනීම, කළමනාකරණය කිරීම සහ බෙදාහැරීම යන අරමුණ ඇතිව 2002 දී ගෝලීය අරමුදල පිහිටුවිණි.ෙමෙම රෝග තුන වැලැක්වීම සහ පාලනය කිරීම සඳහා ගෝලීය අරමුදල මූල්‍ය සම්පත් ලබා දෙන අතර සුදුසුකම් ලත් රටවල සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කරන වැඩසටහන් සඳහා ද සහාය වේ.