(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල නාගරික ප්රදේශයේ පාසලක් වෙත සීමාව ඉක්මවා ළමුන් එකොළොස් දෙනෙකු හා ගුරුවරියක්ව ප්රවාහනය කළ ත්රී රෝද රථ රියදුරෙකු බේරුවල පොලිසියෙ රථවාහන අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දීනගොඩ ප්රදේශයේ කුලී ත්රීරෝද රථ රියදුරෙකු බව පොලිසිය කියයි.
මොහු දිනපතා පාසල් පැවැත්වෙන දිනවලදී බේරුවෙල ප්රදේශයේ පාසලකට ළමුන් විශාල ප්රමාණයක් ප්රවානය කරමින් සිටිනු දැක ඇත.
අනතුරුව සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව අනාරක්ෂිත ලෙස සිසුන් එකොළොස් දෙනකුත් පාසල් බෑග් සමඟ සීමිත ඉඩක ත්රී රෝදයෙන් රැගෙන ගිය රියදුරාට සහ එහි ගමන් ගත් ගුරුවරියව ඉන් බස්සවා පළමු වතාවට දැඩි අවවාද කර බව බේරුවල පොලිසියේ රථවාහ අංශස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයන්ත වට ගෙදර මහතා පැවසීය.