රෝහිතට රට යන්න අවසර


අයථා ලෙස රුපියල් මිලියන 4.3ක ඉපැයූ බව කියමින් හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධනට එතෙර යාමට පනවා තිබු තහනම තාවකාලිකව ඉවත් කරමින් සැප්තැම්බර් 25 සිට  ඔක්තෝම්බර් 25 දක්වා  එතෙර යාමට  මහාධිකරණ විනිසුරු  නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද (9) ඔහුට අවසර  දුන්නේය.