(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ චෙක් ජනරජයේ තානාපතිනි ආචාර්ය Eliska Zigova මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සිදු විය.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය ගොඩනගා ගනිමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා පවතින ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.
මෙහිදී චෙක් ජනරජය විසින් ශ්‍රී ලංකාවට දක්වන අඛණ්ඩ සහයෝගය අග්‍රාමාත්‍යවරිය පැසසුමට ලක් කළාය.
දෙරට අතර විද්‍යාව සහ අධ්‍යාපනය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ අතර එයට අධ්‍යයන හුවමාරු වැඩසටහන්, පර්යේෂණ සහයෝගීතාව වර්ධනය සහ දැනුම හුවමාරු වැඩසටහන් ඇතුළත් කිරීමට අවධානය යොමු විය.