
(රේඛා තරංගනී ෆොන්සේකා)
තනි එන්ජිමක් සහිත ගුවන් යානයකින්ව ලොව වටා සංචාරය කරමින් ලෝක වාර්ථාවක් තැබීමට සැරෙසන බෙල්ජියම් ජාතික 19 හැවිරිදි සාරා රදෆර්ඩ් රත්මලාන ගුවන්තොටින් ඉන්දියාවේ කෙයිම්බතුර් බලා යලි ගමන්ඇරැඹුවාය.
ලංකාවට පැමිණිඇය දින දෙකක් විවේක ගත් කල අතර එහිදී ලංකාවේ තේ බොහොම රසවත් බවත් ලංකාවේ දී ලැබූ අත්දැකීම තම සිත් ඇදගත් බව ඇය පැවැසුවාය.
ලොව වටා යන චාරිකාවේ ලංකාව 40 වැනි නවාතැන වූ ශ්‍රීලංකාවෙන් පසු ඇය ඉන්දියාව බලා ගමන් ආරම්භ කලාය.
ගුවන් නියමු පවුලකින් පැවත එන සාරා තවත් රටවල් 12කට යාමට නියමිතය.





