(ටී.කේ.ජී.කපිල )
රුපියල් ලක්ෂ තිහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු අද(30 ) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
අකුරණ ප්‍රදේශයේ පදිංච් 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර , මොහු ඩුබායි හි රැකියාවක නිරත වී සිටි අයෙකි .
ඔහු කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම සදහා , මෙම දුම්වැටි තොගය ඩුබායි වලින් මිළදී ගෙන , ඕමානයේ මස්කට් නුවර වෙත ගොස් එතැන් සිට ඕමාන් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරණ ගුවන් යානයෙන් අද අලුයම 05.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි ..