ශ්‍රී ලංකා පොලිසියට වසර 150 ක් පිරීම නිමිත්තෙන් සැප්තැම්බර් 3 වැනිදා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පිටියේ පැවැත්වීමට නියමිත උත්සවයට කොළඹ තරු පහේ හෝටලයකින් අතුරුපස පෙට්ටි 4000 ක් හා අති ප්‍රභූන් වෙනුවෙන් අතුරුපස පෙට්ටි 250 ක් ද සැපයීමට කළ ඇණවුම ඉහළින් ආ නියෝගයක් අනූව අන්තිම මෙහොතේ අවලංගු කිරීමට සිදු වී ඇතැයි පොලිසියේ අභ්‍යන්තර තොරතුරු කියයි. මේ සඳහා එම හෝටලයට රුපියල් ලක්ෂ 50 ක් ගෙවීමට තිබූ බව ද වාර්තා වේ.
පොලිස් නිවස්නයේ මෙස් පාටිය ද අවලංගු කළ බව දැනගන්නට ඇත.