ඉතාලියේ මොන්සා නගරයේ අවනහල් සේවකයකු ලෙස සේවය කළ ලාංකිකයකුට පහර දී අතක් කැඩීයැයි කියන ඉතාලි ජාතිකයෝ දෙදෙනෙක් මාස හතකට පසු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ලාංකිකයා ළඟ තිබූ යූරෝ 30 ක් ද ඔවුන් පැහැරගෙන තිබිණි.
එම සිදුවිම කැමරාවන සටහන් වී තිබූ නිසා කොල්ලකරුවන් හඳුනා ගැනීමට පොලිසියට පහසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
(වීඩියෝව ඉතාලි වෙබ් අඩවියකිනි)