ලීසා හේඩ්න්ට ආහාර ගන්න හැටි උගන්වන ජැක්ලින්


2016-06-02-ent-42

මේ දිනවල ජැක්ලින් ඉන්නේ “හවුස්ෆුල්3" චිත්‍රපටයේ රූගත කිරීම් වල. හැබැයි ඇය සමග රංගනයෙන් දායක වන ලීසා හේඩ්න් ඉන්නේ තරමක් සුදුසු නොවන ආහාර රටාවකලු. මේ හින්දා ලීසා හේඩ්න් වෙනුවෙන් ජැක්ලින් රූගතකිරීම් අතරතුර අලුත් ආහාර රටාවකුත් පිළියෙළ කර තියෙන බවයි කියැවෙන්නේ. ඒ අනුව ඒ ආහාර ලැයිස්තුව සකස් කර තියෙන්නේ සීනි රහිත ආහාරවලින්ලු. ජැක්ලින් මේ හින්දා තමන්ගේ සුපුරුදු ආහාර රටාව අමතක කරලත් නැහැ. ඒ අතර තමන්ගේ සුපුරුදු ශාරීරික ව්‍යායාම ටිකත් කරගෙන යනවලු.

 

අශාන් පෙරේරා