හලාවත දැදුරුඔය ජල ටැංකිය අසල නිවසේ පදිංචි වී සිටි එම් එම් දයාවතී නැමැති තිදරු මව රෝද පුටුවක ආධාරයෙන් ඇය සිය සැමියා වන ජෝන් සුරේන්ද්‍ර (62) මහතා සමඟ සිය දුක කියා මහජන අාධාරයක් බලාපොරොත්තුවෙන් ලංකාදීප කාර්යාලයට ආවාය.
එහිදී ඇය මෙසේ ද පැවසුවාය.
අපි පදිංචි වෙලා හිටියේ හලාවත දැදුරුඔය ජලටැංකිය අසල නිවසේ. මට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. පුතුන් දෙදෙනක් සහ දියණියක්. බාල පුතා වයස අවුරුදු 11 යි. උන් වහන්සේ මහන වී හලාවත සිරිපාලිත පිරිවනේ අධ්‍යාපන කටයුතු කරනවා. දියණිය සහ අනික් පුතා විවාහ වෙලා .
මම දියවැඩියාව, හෘද රෝගයෙන් සහ අධික රුධිර පීඩනයෙන් වැනි රෝග වලින් පෙළෙනවා. හලාවත රෝහලේ කාලයක් නේවාසික ප්‍රතිකාර ගෙන පසුව කොළඹ ජාතික රෝහලට මාරුකළා. බෙහෙත් ගන්න කොළඹ එන්න අමාරුයි ලොකු වියදමක් නිසා අපි දෙන්නා මීට වසර 2 1/2 පෙර කොළඹට ආවා. තැන් තැන් වල කාමර අරගෙන පදිංචිව සිටියා.
දියවැඩියා තත්ත්වය උත්සන්න වෙලා ඉකුත් මායි මාසේ මගේ දකුණ කකුල කැපුවා. අපි දෙන්නා තවත් අසරණ වුණා. රෝගී මට වැඩක් කරගන්න බැහැ එම නිසා මගේ සැමියා රැකියාවකට නොගොස් මා බාලගන්නවා.
අපි දැන් පදිංචි ව සිට්නේ මට්ටක්කුලිය කැලණිගග මෝල පාරේ කාමරයක. එම කාමරයට මාසෙට රුපියල් 5000 ක් ගෙවන්න ඕනේ. අපිට සලකන්නේ අපේ පුංචි සාමනේර වහන්සේ විතරයි. උන්වහන්ස්ට ලැබෙන පිරිකර විකුණලා තමයි මුදල් අපට ලබාදෙන්නේ. ඒ මුදලින් වේලක් හැර වේලක් කාලා අපි මේ කාමරයේ දිවි ගෙවනවා. අපිට ස්ථිර අදායම් මාර්ග නැහැ. අපේ සාමනේර හිමියේ පමණක් ඉදහිට අපි බලන්න වඩිනවා. . එත් උන්වහන්සේට ඒ කාමරයට වඩින්න අමාරුයි.
මම ඉල්ලන්නේ අපිට වේලක් හැර වේලක් හරි කාලා වැටිලා ඉන්න කුඩා නිවසක් ලබා දෙනවානම් ලොකු පිනක් කියලා. මට මාසෙකට බොහෙත් සඳහාත් ලොකු මුදල් අවශයි. අපේ පුංචි හාමුදුරුවන්ට හැමදාම අපේ මේ බර දරන්න අමාරුයි.
හාමුදුරුවෝ ලොකු කැමැත්තක් තියනවා අපිට අපේම කියලා ගෙයක පදිංචිකරවන්න. ඒත් අසාව ඉෂ්ට කරන්න උන්වහන්සේ තවමත් පුංචි අවුරුදු 11 යි. උන්වහනේසේගේ කැමැත්ත ඉටුකරන විට අපි ජීවත් වෙයි ද කියාල කියන්න බැහැ. ඒ නිසයි අපි අපේ දුක කියන්න ලංකාදීප කන්තෝරුවට ආවේ.
දයාවතී මහත්මියට උපකාර කිරීමට කැමැති පරිත්යාශිලීන් වෙතොත් ලංකා බැංකුවේ හලාවත 2 ශාඛාවේ එම් එම් දයාවතී නමින් ඇති 79538467 දරණ ගිණුමට බැර කරන ලෙසට ඇය ඉල්ලා සිටියි.
(දුරකතන අංක - 0721175167)