වන සත්ව සංගණනය හෙට


(යොහාන් භාසුර)

බෝගවලට හානිකරන සතුන් පිළිබඳ ‘වන සත්ව සංගණනය 2025’ හෙට (15) පෙරවරු 8.00 සිට විනාඩි 5 ක කාලයක් එනම් 8.05 දක්වා ක්‍රියාත්මක කරන බවත් එම සංගණනය සාර්ථක කරගැනීමට ජනතාවගේ සහය අනිවාර්යෙන් ලැබිය යුතු බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් (සංවර්ධන) ජී. වී. ශාමලී මහත්මිය අද (14) පැවසුවාය.

බත්තරමුල්ලේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේදී අද (14) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජී. වී. ශාමලී මහත්මිය එසේ පැවසුවාය.

කෘෂිකර්ම අමාත්‍යංශය ක්‍රියාත්මකරන මෙම වන සත්ව සංගණනය මෙරට පළමු වන සත්ව සංගණය වන අතර මෙහිදී දහවල් කාලයේ සැරිසරන මෙන්ම උඩින් යෑමේ හැකියාව ඇති සත්ව වර්ග හතරක් වන රිළවා, වඳුරා, දඬුලේනා සහ මොණරා යන සත්ව වර්ග හතරක පමණක් ගණනය කරන බවත් ඊත්තෑවා සහ වල්ඌරා යන දරුණු හානි තිබුණත් ඔවුන් රාත්‍රී සරිසරන සතුන්වීම නිසා මෙම සංගණනයේදී ගණනය නොකරන බවත් ඇය පැවසුවාය.