වයින් ස්ටෝස් බලපත් අහෝසි නොකරන්නේ ඇයි?


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව විසින් මහා ඉහළින් කතා කරන ලද වයින් ස්ටෝස් බලපත්‍ර වහා අහෝසි කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

නලින් බණ්ඩාර මහතා මෙසේද කීය.

ඔබ ලා පාස්කු ප්‍රහාරය ගැන ඉන්දියාවට ඇඟිල්ල දිගු කළා. ඒක නිසා ජනපති මුලින්ම කළ යුත්තේ ඉන්දියාවට ගිහින් මේ ප්‍රකාශ ඉල්ලා අස්කර ගැනීමයි.දැන් ඔබතුමාලා එට්කා ගිවිසුමටත් අත ඔසවලා ආවා.
ඔබතුමාලා ඉස්සර නම් රටේ හොඳම වචන වලින් මේවට බැන්නා. දැන් ඒවට මල් තියලා වඳිනවා. ඉන්ධන බෙදා හදාගන්න බට ලයින් දාන්න එකඟ වී තිබෙනවා.පසුගිය කාලේ මේ රටේ ජනතාව මුලා කරන්න කියපු කතන්දර අපරාදෙ.

වයින් ස්ටෝස් ගැන කතා කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධ බව බෙර ගහලා කිව්වා.මේක සභාගත කලාම දේශපාලකයන්ගේ නම් නෑ.මාසයක් ගියා.මේ වයින් ස්ටෝස් බලපත් අහෝසි කළාද?අපේ පැත්තේ හරි කමක් නෑ නම් තියෙනව නම් කියන්න.ඔබතුමාලා ලබා ගත් ජන මතයට ගෞරව වෙන විදියට වැඩකරන්න.