
(ශාන්ත පී. බණ්ඩාර, රංග රුවන්, සහ චමින්ද වැවතැන්න)
වරාකපොළ මාහේන ප්‍රදේශයේදී බස් රථයක් හා වෑන් රථයක් අද සවස මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් තිදෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා ඇතැයි වරකාපොළ පොලිසිය කියයි.
තුවාල ලැබූවන්ගෙන් තිදෙනකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ බෙල්තොට වතුයාය ,ගලහ. ප්‍රදේශයේ පදිංචි රාජේන්ද්‍රන් ක්රිෂ්ට්(31), එරික්වත ,තුන්නාල වත්ත ,කලහන්තැන්න පදිංචි ඒ.අරවින්ද (49)සහ කලහන්තැන්න ,උඩ කොටස ලිපිනයේ පදිංචි මනෝහරි වත්සලා නැමැති (19) හැවිදිරි තරුණියකි.
මෙම වෑන් රථයේ 12 දෙනෙකුගෙන් යුත් පිරිසක් (08) දිනට යෙදුණු දීපවාලී උත්සවය හේතුවෙන් සේවා ස්ථානවලින් නිවාඩුු ලබා කොළඹ සිට මහනුවර දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ

