වසර 12කට පසුව 'ප්‍රභූ' දමිළ චිත්‍රපටයක


මේ වන විට සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙස බොලිවුඩයේ මෙන්ම කොලිවුඩයේද ජනප්‍රියව සිටින ජමිනි ගනේෂන්ගේ පුත් ප්‍රභූදේවා වසර 12කට පසුව රංගනයෙන් දායක වන දමිළ චිත්‍රපටයක් එළැඹෙන ඔක්තෝබර් 07වැනිදා ඉන්දියාවේදී තිරගතවීමට නියමිතය.

වර්තමානයේදී වැඩිපුර බොලිවුඩ් සිනමා නිර්මාණ සඳහා දායකත්වය සපයන ප්‍රභූදේවා අවසන් වරට දමිළ චිත්‍රපටයක රඟපා ඇත්තේ 2004 වසරේදීය. ඒ %එන්ගල් අන්නා^ චිත්‍රපටයේය. A. L. විජේගේ "දේවී" ප්‍රභූදේවා රංගනයෙන් දායක වන අලුත්ම දමිළ චිත්‍රපටය වේ. මෙහි ප්‍රභූදේවා සමගින් සුරූපී තමන්නා භාටියා හා සෝනු සෝඩි රංගනයෙන් දායක වෙති. ඇමි ජැක්සන්, ෆාරා ඛාන් හා ඊශා ගුප්තා මෙහි ආරාධිත රංගනයක නිරතව සිටිති.

ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි ආදායම් උපයාගත් බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම අධ්‍යක්ෂවරයා වූ ප්‍රභූදේවා ලබන වසරේදීද සිය අධ්‍යක්ෂණය යටතේ බොලිවුඩ් චිත්‍රපට කිහිපයක් නිර්මාණය කරන්නටද මේ වන විට සැලසුම් කර තිබේ.

 

2016-09-06-ent-23