(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය නිලධාරීන්ට වාහන ගැනීමට දෙන බලපත්‍ර 75,000ක් පමණ වසර පහක් තිස්සේ සිරවී පවතින බව එක්සත් ජාතික පක්ෂයේ පත්කළ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට දැනටමත් කරුණු ඉදිරිපත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
රජයේ සේවකයන්ගේ බලපත්‍ර සඳහා වාහන රනිල් වික්‍රමසිංහ රජයක් යටතේ නියත වශයෙන්ම දෙන බව පැවසූ මන්ත්‍රීවරයා රාජ්‍ය සේවකයා මේ රටේ අසරණම කණ්ඩායම බවද සඳහන් කළේය.
පුද්ගලික අාශාවන් පස්සේ ගොස් දේශපාලනඥයන් මහ මඟ ගුටි කන මැරෙන යුගය නිර්මාණය කරන්න එපා යැයි ඉල්ලා සිටින බව පැවසූ මන්ත්‍රීවරයා පෝලිම්වල ඇද වැටෙන යුගය නිමා කළ ජනාධිපතිවරයාට මේ රටේ ජනතාව කෘතවේදීත්වය දක්වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.
අබේවර්ධන මහතා මෙසේ පැවසුවේ ආනයන අපනයන පනතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.